Tuesday, March 31, 2015

ලෙඩ නැතුව පරිගණකය පාවිච්චි කරන හැටි මෙන්න

අද කාලේ බොහොමයක් දෙනා පරිගණක පාවිච්චි කරනවනේ අන්න ඒ නිසා අද හිතුනා..පරිගණකය පාවිච්චිය හා සෞඛ්‍යය ගැන ලිපියක් ලියන්න.වැරදි ඉරියව් පුරුදු නිසා අපහසුතාවයට පත් වෙන යාළුවන්ට මේ ලිපිය ගොඩක් වටීවි.


අද කාලේ ගොඩක් උපකරණ උපාංග නිර්මාණය කරන්නේ මිනිසුන්ට / භාවිතා කරන්නාට වෙන්න පුළුවන් අපහසුතා ඉතාම අවම මට්ටමේ පවතින විදියට.ඒත් පරිහරණයේ වැරදි නිසා ඇතැම් විට නොයෙකුත් ආබාධ සහ අපහසුතා ඇති වෙන්න පුළුවන්.

පරිගණකය භාවිතයේ දී ඇති වෙන එක තත්වයක් විදියට පුනරාවර්තී ආතති පීඩා (Carpel tunnel syndrome ) විදියට හදුන්වන්න පුළුවන්.එකම කාර්යයේ බොහෝ වෙලා යෙදි සිටිම නිසා ශරීරයේ ඇති වෙන වේදනාකාරී තත්ව පුනරාවර්තී ආතති පීඩා විදියට හදුන්වනවා. මේ යටතේ පරිගණක භාවිතා කරන්නන් අතර බොහෝ විට දකින්න ලැබෙන්නේ අත්ලේ හා මැණික් කටුවේ ඇති වෙන වේදනාකාරී තත්වය.කාපාල දෝනා සහලක්ෂය විදියට මේ තත්වය හදුන්වනවා. පරිගණක යතුරු පුවරුව බොහෝ වේලාවක්එක දිගට භාවිතා කිරීම  බොහෝ දුරට මේ තත්වයට බලපානවා.ඒ වගේම වැරදි ඉරියව් ද මේ තත්වයට බලපානවා.

නිවැරදිව අත් පිහිටුවා ගත යුතු ආකාරය පහත පින්තූරයේ දැක්වෙනවා.



යතුරු පුවරුව සහ මූසිකය භාවිතා කිරීමේදී පහත උපදෙස් පිලිපැදීම සුදුසුයි.

●සෞඛ්‍යාරක්ෂිත ලෙස සැකසු යතුරු පුවරු හා මුසික භාවිතා කිරීම.
●මැණික් කටුව රදවා ගැනීමට වාරුවක් භාවිතා කිරීම.
●අත්ල හා මැණික් කටුව සෘජුව පවත්වා ගනිමින් යතුරු ලියනය සිදු කිරීම.
●නිසි පරිදි විවේක ගැනීම


ශරීරයේ පිටුපස ඇතිවන වේදනා කාරී තත්වය හා කොන්දේ සහ බෙල්ලේ ඇති  වන වේදනාකාරී තත්වයත් පරිගණක පරිශීලකයන් මුහුණ දෙන තවත් අසීරු තත්වයක්.ඒ තත්වය පහත පියවර අනුගමනය මගින් වලක්වා ගන්නට පුළුවන්.



භාවිතා කරන ආසනය සැලකුවොත්,
●අවශ්‍ය පරිදි උස වෙනස් කිරීමේ හැකියාව තිබිය යුතුයි.
●හේත්තු වීමට සුදුසු ආකාරයෙන් පහසුකම් පිටුපසින් තිබිය යුතුයි.
●සිරු මාරු කල හැකි අත්වාරු තිබිය යුතුයි.
●හිදගෙන සිටීමේදී පාද නිතරම පොලව මත තබා ගත යුතුයි.
( උසින් වැඩිනම් පා පුටුවක් භාවිතා කරන්න පුළුවන්)
●හිදගෙන සිටීමේ දී සැම විටම කොන්ද හා බෙල්ල සෘජුව තබා ගත යුතුයි.

පරිගණක තිරය ගැන සැලකුවොත්,
●ඇස් මට්ටමින් හෝ ඊට මදක් පහලින් සකස් කරගත යුතුයි.
●භාවිතා කරන්නා ගේ ඇස් තිරයේ සිට 20cm-30cm අතර දුරකින් ඇස් මට්ටමේ පවත්වා ගත යුතුය.
●අවශ්‍ය පරිදි කරකවා ඉහල පහල වම දකුණ ආදී දිශාවලට හරවා ගත හැකි විය යුතුය.
●දීප්තිය (Brightness)සහ විභේදනය (Contast) අවශ්‍ය පරිදි සකස් කරගැනීමට පහසුකම් තිබිය යුතුයි.

මේ ගැටලු වලට අමතරව අපිට තවත් දක්නට ලැබෙන ආබාධයක් තමා ඇස් ආශ්‍රිත අපහසුතා
පරිගණක දෘෂ්ටි සහලක්ෂය (computer vision syndrome ) විදියට මේ තත්ව හදුන්වනවා..

●වියලි ඇස් තත්වය
●ඇස් කැසීමේ තත්වය
●ඇස්වල ඇතිවන වේදනාකාරී තත්වය
●අපැහැදිලි පෙනීම
●ද්විත්ව දෘෂ්ටිය
ඒ යටතේ ඇතිවෙන්න පුළුවන්.

මේත් සමගම හිසේ කැක්කුම වැනි ආබාධ මතුවීමේ හැකියාවකුත් පවතිනවා.
පරිගණක තිරයේ පිහිටිම මේ ආබාධ කෙරෙහි බොහෝ විට බලපානවා..ඒනිසා තිරය යටතේ දක්වපු කරුණු වැදගත් වෙනවා.

මේ සමගම ම අක්ෂි අභ්‍යාසවල යෙදීම මගිනුත් මේ අපහසුතා අවම කර ගන්න පුළුවන්.

●විටින් විට එක් එක් දුර පරාස වල පිහිටි වස්තු කෙරෙහි අවධානය යොමු කිරීම
●විටින් විට ඇස් වැසීම
●අවට පරිසරයේ ආර්ද්‍රතාවය සුදුසු විදියට පවත්වා ගැනීම

පරිගණක භාවිතයේදි ‍විවේක ගැනීම ඉතාම අවශ්‍ය දෙයක් වෙනවා..දිගු වේලා නොකඩවා වැඩ කරලා දිගු විවේකයක් ගැනීමට වඩා වැඩ කටයුතු අතරවාරයේම කෙටි විවේක රැසක් ගැනීම සුදුසු යි.

ලිපිය වැදගත් නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරමු යාළුවනේ..



Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 Comments:

Post a Comment