Friday, March 27, 2015

අද ඉදන් අළුත් විදියට ඉංග්‍රීසි

                        
                        අද ඉදන් අළුත් වැඩක් පටන් ගන්න හිතුවා.ඒ තමා අළුත් විදියට ඉංග්‍රීසි ‍ඉගෙන ගන්න එක.ගොඩක් යාළුවන්ට තියෙන ප්‍රශ්නයක් තමා මේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමේ දී තියෙන ගැටලු. ඉතින් මමත් ඒ ප්‍රශ්නෙට මූණ දුන්නු සහ දෙන කෙනෙක්.ඉංග්‍රීසි භාෂාවේ තියෙන වටිනාකම මම අමුතුවෙන් යාළුවන්‍ට කියන්න අවශ්‍ය වෙන්නේ නෑ කියල මම හිතනවා.ඉතින් මම මුලින් කීවා වගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ අළුත් ක්‍රමයකට.

                           මෙතෙන් දී අපි මුල ඉදන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන කාරණය අපේ හිතෙන් ඉවත් කර ගන්න ඕනි.අපි හිතන්න ඕනි අපි අද ඉදන් හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා.අපි මොකද හැමදා ම කලේ මුල ඉදන්ම ඉංග්‍රීසි ගන්න එක විතරක් නිසා.අපි පුංචි කාලේ ඉදන්ම ඉංග්‍රීසි ඉගෙන ගත්තා.හැබැයි පාවිච්චි කලේ නෑ..අපි සමහර විට අපිට මුල වැරදෙන්න ඇති කියල හිතාගෙන ආපහු ඉංග්‍රීසි ඉගෙන ගත්තා ..ඒත් හරි ගියේ නෑ.මුල වැදගත් බව සහතික ඇත්ත කතාවක්.මොකද අපිට මුල නැතිව කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගැනීම පහසු වෙන්නේ නෑ..ඒත් අපි ඉංග්‍රීසි පාවිච්චි කලේ නැත්නම් අදහස් නිරවුල්ව ප්‍රකාශ කලේ නැත්නම් මුල කොච්චර හොද වුනත් ඉංග්‍රීසි ඉගෙන ගැනීම හරියන්නේ නෑ..අපිට සමහර විට හොද ආරම්භයක් නොතිබෙන්න පුළුවන්.එදා පුංචි කාලේ අපි ඉංග්‍රීසියට වෛර කලා වෙන්නත් පුළුවන්..ඒත් මම ඒකටත් විසදුමක් හිතුවා.ඉංග්‍රීසි පාවිච්චි කරන ගමන්ම මුල ඉගෙන ගැනීම තමා මම හිතන නිවැරදිම ක්‍රමය.මොකද මුල ඉදන් ඉංග්‍රීසි ඉගෙන ගෙන පස්සේ ඉංග්‍රීසි කතා කරන්න හරි මොකක් හරි කියන්න හරි ගියාම හිතාගන්න බෑ...

                      මේකට හේතුව තමා මුල අමතක වීම.ඉතින් පාවිච්චි කරන ගමන් මුල ඉගෙන ගත්තාම මුල අමතක වෙන්නේත් නෑ..පාවිච්චි කරන හැටි අවුලක් වෙන්නෙත් නෑ.. ඇත්තටම ‍ඉතින් වැඩක් හරියන්න නම් උත්සාහය අධිෂ්ඨානය හරිම වැදගත් මම අද ඉදන් හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන අරමුණ හිතේ තියාගෙන යාළුවෝ හැමෝම මාත් එක්ක එකතු වෙයි කියල මම හිතනවා..විශේෂයෙන් කියන්න ඕනි මම ඉංග්‍රීසි උගන්නන්න තරම් මහා ලොකු දැනුමක් තියෙන ගුරුවරයෙක් නෙවේ.මමත් ඔයාල වගේම ඉංග්‍රීසි ඉගෙන ගන්න ලොකු ඕනි කමක් තියෙන,ඒකට ආස කරන කෙනෙක්..ඉතින් ඉංග්‍රීසි නොදන්නා යාළුවෝ වගේම ඉංග්‍රීසි හොදින් දන්න යාළුවොත් වැරදි අඩුපාඩු පෙන්වල දීල උදව් කරයි කියල හිතනවා..යාළුවන්ගේ අදහස් උදහස් යෝජනා චෝදනා එහෙමත් හරිම වැදගත් ඉතින් ඉස්සරහට..ඉතින් ඔයාල සූදානම්ද යාළුවනේ ? අපි අද ඉදන් හරියට ඉංග්‍රීසි ඉගෙන ගනිමු..

    - මම ඔයාලත් එක්ක ඉංග්‍රීසි ඉ‍ගෙන ගන්නා මිතුරා Dis@C Ultimate
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 Comments:

Post a Comment