Friday, March 27, 2015

වචන එන්නැති එකට විසදුමක් - අළුතින් ඉංග්‍රීසි 02



මුලින්ම පුංචි කතාවක් දාන්න හිතුවා....මේක කියවලම අද පාඩමට එකතු වෙමු.

අද උදේම  Bus Stand එකට ගියේ උදේම හම්බුවුනු එහා ගෙදර Uncleට  Good Morning කියාගෙන.ටික දුරක් යන කොට Uncle ආපහු කතා කරනවා ඇහුණා. පුතා,ඔයාගෙ ද Purse එක.තව ඩිංගෙන් ඉවරයි මට හිතුනා. purse එකේ තිබ්බ Credit card එකයි ID එකත් තව ඩිංගන් නැතිවෙන්න තිබ්බා..Thankz Uncle කියාගෙන මම ඉක්මන්ම ගියේ watch එක බැලුවාම මම අද නම් late වෙලා ව‍ගේ දැනුනු නිසා.මම හරි, මම යනකොට Bus එක යන්න හදන්නේ.මම Bus එකට නැගත්තා.බස් එකේදී පරණ friend කෙනක් meet වුනා..අපි දෙන්නම ගියෙ එකම school එකට.මචන් උඹේ Mobile Num එක දියන් හොදේ..කතාවට සෙට් වුනු යාළුව කීවා..‍දැන් මොකක් ද බන් කරන්නේ මම ඇහුවා..දැන් Bank එකක බන් Job එක .යාළුව කීවා.කතාවෙන් කතාව අපි ගමනාන්තෙට ලං වුනා..එහෙනම් මම යනවා මචන් Good Bye කියපු අපි සමුගත්තා.

ම් වෙනසක් දැක්කද මේ කතාවෙ දී අපි සිංහල චන වෙනුවට ඉංග්‍රීසි වචන බොහොම යක් යොදා ගත්තා...ඒත් කතාව තේරුම් ගන්න අමාරු වුනාද නෑ නේද ? ඒ වගේම අපි ගොඩක් වචන අළුතෙනුත් ඉගෙන ගත්තා..මේ වගේ අපි සුළුසුළුවෙන් හරි ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න කරන්න පුරුදු වෙන්න ඕනි..මොකද අපි හැමෝටම තියෙන අවුලක් ඒක...

වචන එන්නෑනේ කතා කරන්න...වචනවල තේරුම් දන්නෑනේ තේරුම් ගන්න..

ඔන්න ඕකයි බහුතරයකට තියෙන අවුල..මොකක් ද හේතුව අපි ලග වචන නෑ..වචන දන්නෑ...කතා කරන කොට වචන එන්න වචන අපි ලග තියෙන්න ඕනිනේ එත් අපි ලග වචන නෑ..අන්න ඒක නිසා අපි දැන් ඉදන්ම වචන වලින් පොහොසත් වෙන්න ඕනි.අපි අමාරුවෙන් වචන ඉගෙන ගන්න ඕනි නෑ..අපි එදිනෙදා ජවිතෙන්ම මේ වචන අරගන්න ඕනි..මේ වැඩේ මුලින්ම පටන් ගන්න ඕනි පොත් මේසෙන්.සහ ඔයාගෙ ගෙදරින්.

ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගනිමු

බලන්න දැන් ඔයාගෙ පොත් මේසේ උඩ තියෙන්නේ මොනාද කියල.
මගේ නම් දැන් තියෙන්නේ ජංගම දුරකථනය,පෑන්පැන්සල් ටිකයි පොත් ටිකයි කොම් එකයි ‍අර සිංදු අහන සවන් වහල් යුගලයයි..දැන් මේ ටිකට ඉංග්‍රීසියෙන් කියන වචන ටික හිතමු බලන්න..

ජංගම දුරකථනය - Mobile Phone
සවන් වහල් යුගලය - Ear phone
පෑන් පැන්සල් - Pens , Pencils
පොත් ටික - Books

අන්න ඒ වගේ හිතන්න ඉංග්‍රිසියෙන් හිතන්න පටන් ගන්න.අපි ඊලගට පොත්මේසේන් අයින් වෙලා යනවා අපේ කාමරයට කලින් විදියටම කරන්න.තියෙන දේවල් ඉංග්‍රීසියෙන් හිතන්න.ඊලගට ඔයාගේ ගෙදර සාලය , මුළුතැන්ගෙය,සහ අන්තිමට මුළු නිවසම සලකලත් තියෙන දේවල් මොනාද බලල ඉංග්‍රීසියෙන් හිතන්න.බලන්න හැම දෙයකටම කියන දේවල් දන්නවද කියල...නෑ නේද ?

ම් අවුලක්...
කෝ මම දන්නෑනේ මුළුතැන්ගෙයි තියෙන එලවළු වල නම්.අන්න අවුලක්..දැන් ඔයා දන්නෑ තේරුම්..දැන් ගන්න තියේනම් සිංහල ඉංග්‍රීසි ඩික්ෂණරියක්.නෑ දැන් එහෙම ඕනිත් නෑ..අපිට තියෙනවා මධුර ඔන්ලයින් ශබ්ද කෝෂය (Madhura Online Dictionery) මෙතැනින් යන්න.. අපි මෙතෙන් දි තාක්ෂණය හවුල් කරගමු..තාක්ෂණය නැතුව බෑනේ අද කාලේ මොකුත් කරන්න..අදාල මධුර වෙබ් අඩවියට ගිහින් අදාල කොටුවේ සිංහල යුනිකෝඩ් වලින් ඔයා නොදන්න වචනය යතුරු ලියනය කලානම් අන්න ඊට පස්සේ ඔයා‍ට අදාල වචනයේ ඉංග්‍රීසි වචනය බලා ගන්න පුළුවන්..දැන් ඒ වචනේ මතක තියා ගන්න...මුළුතැන්ගෙට යන වාරයක් වාරයක් පාසා ඒ ඉංග්‍රීසි නම නොදන්න එලවළුව දකින දකින ආහාරයට ගන්නා වාරයක් පාසා ඔයා‍ට අන්න ඒ එලවළුවේ නම මතක හිටීවි.

‍මුහුණුපොතේ සාමාජිකයෙක් නම් තව වැඩක්..


ඔයා දැන් අර නොදන්න එලවළුවේ තේරුම දන්නවා කියමුකෝ..දැන් දාන්න States එකක් අන්න ඒ එලවළු වර්ගේ ඉංග්‍රීසි නම තියෙන..සිංහල වුනාට කමක් නෑ අර ඉංග්‍රීසි වචනෙ තියෙන්න ඕනි හැබැයි.තව ඔන්නම් ගූගල් සර්ච් කරලා අදාල එලවළුවේ පුදුම හිතන පින්තූරයක් දාන්න මුහුණු පොතේ...අන්න දැන් නම් ඉතින් දකින දකින වාරයක් පාසා මතක හිටිවී ඒ වචනය.

 උදාහරණයක් විදියට මම දන්නෑ අර්තාපල් අල වලට කියන වචනය මම හොයා ගත්තා ඒක Potato කියල...
මම google ඒකේ බලද්දි ලොකු අල ගෙඩියක් දැක්කා මම ඒක මුහුණු පොතේ දැම්මා...වචනයත් එක්කම ..



 
අමාරු වැඩක්ද ?

නෑනේ..අමාරුවෙන් වචන පාඩම් කරනවා වගේද ඒ වැඩේ..නෑ පොඩ්ඩක්වත් අමාරු නෑ..මුහුණුපොතේ නිකන් වැඩකට නැති ඒව දානව වගේ නෙවේ මේ වගේ දේකට අදාලව එකක් දැම්මාම..එල වැඩක් නේ..

ඊලගට ඉතින් ඔයාලගේ ගෙවත්තේ තියෙන  දේවල් බලන්න...ඒ විදියට පිලිවෙලට යන්න හොද විදියක් මාත් හිතුවා මෙන්න ඒ පිලිවෙල.

පොත් < මේසය < ඔයාගේ කාමරය සහෝදර සහෝදරියන්ගේ කාමරය < මුළුතැන්ගේ < සාලය  < ඔයාගේ ගෙදර < ගෙවත්ත ගම/නගරය < දිස්ත්‍රික්කය <  පලාත  < රට  < ලෝකය < විශ්වය

ඉතින් මේ අළුත් වචන හොයන වැඩේ වදයක් කරගන්න ඕනි නෑ..හීන් සිරුවේ විනෝදයෙන් කරන්න.. මේ විදියට ඔන්න අපි අද වැඩපටන් ගත්තා...අපි ඉස්සරහට බලමු මේ වචන වලින් කරන්න පුළුවන් දේවල් ගැන..

අද ලිපිය මෙතෙනනින් අවසාන කරනවා ඉතින්
ලිපිය කියෙව්වාට බොහෝම ස්තූතියි..යෝජනා චෝදනා අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා යාළුවනේ...ඒ අදහස් අපිට ශක්තියක්...


                         (c) Discovery Blog Zone
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

2 Comments: