වර්තමානයේ සාමාන්‍ය පෙල විභාගය වගේම උසස් පෙලටත් විද්‍යාව නැතුවම බෑ.විභාග පැත්තකින්ම තියල බැලුවත් විද්‍යාව ජීවිතයට නැතුවම බෑ..උදේ අවදි වෙන මොහොතේ ඉදන් නින්දට යන මොහොත දක්වාත් නින්දේදීත් විද්‍යාව නිරතුරුවම අ
ප වටා ක්‍රියාත්මක වෙන නැතිවම බැරි දෙයක් ඉතින් ජීවිතයයි විද්‍යාවයි අතර තියෙන සම්බන්ධය කතා කරන්න
මම හිතුවා.ජීවිතයයි විද්‍යාවයි විනෝදයයි මේ යටතේ ලියන මේ හැමදෙයක්ම ජීවිතේ කොතැනක දී හරි වැදගත් වේවි..එහෙම වැදගත් වෙලා ඒක ප්‍රයෝජනයට ගත්තා නම් අන්න ඒ වෙලාවට discovery blog zone එක මතක් වුනානම් අන්න ඒක තමා මේ ලිපි ලිවීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය.

අද ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ අපි මස් කැබැල්ලක් ආහාරයට ගත්තාම අමාශය තුලදී ජිර්ණය වුනත් මස්වලින් හැදිල තියෙන ආමාශය ජීර්ණය වෙන්නේ නැත්තේ මොකද කියන ගැටලුවට පිලිතුර.අප ආහාරයට ගන්නා මස් ව ප්‍රධාන වශයෙන්ම අන්තර් ගත වන්නේ ප්‍රෝටින. ඒ වගේම අපේ ආමාශයේ බිත්තියත් හැදිල තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ප්‍රෝටින වලින්.ආමාශයික යුෂයේ අඩංගු පෙප්සීන් එන්සයිමය මගින් ආහාරයේ අඩංගු ප්‍රෝටින ජීර්ණය ආරම්භ කරනවා.ඒ වගේම ආහාර ගුලි තවත් කුඩා කැබලි බවට පත්වෙලා ආමලසය බවට පත්වෙනවා.නමුත් මේ අවස්ථාවේදී ප්‍රෝටින මගින් නිර්මිත ආමාශ බිත්තිය ජීර්ණය වෙන්නේ නැහැ.
ආමාශයේ ස්වභාවය සහ එහි බිත්තියේ ස්භාවය පහත පින්තූරය මගින් පෙන්වා දී තිබෙනවා.
ආමාශයේ බිත්තිය මත පවතින ශ්ලේස්මලයෙන් හා බයිකාබනේට මගින් සෑදුණු සියුම් පටලය නිසා අමාශයික යුෂයේ ඇති සාන්ද්‍ර අම්ලයක් වන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හෝ පෙප්සීන් වැනි තවත් එන්සයිම ආමාශ බිත්තියේ ඇති ප්‍රෝටින සමග ගැටෙන්නේ නැහැ.අන්න ඒ නිසා ආමාශයේ බිත්තියට ඒ සංඝටක වලින් ප්‍රමාණවත් බලපෑමක් ඇති වෙන්නේ නැහැ.අන්න ඒ නිසා තමා අපි ආහාරයට ගන්නා මස් වගේ දේවල් ජීර්ණය වුනත් ආමාශය ජීර්ණය නොවෙන්නේ..
නියමයි. ජය වෙිවා.! දිගටම මේ වගේ ලිපි පලකරමු ඉතින්.
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ
ReplyDeletewww.tap.lk
Delete