නටන ජලය සම මතුපිටට වැටුණාට වඩා වැඩි පිලිස්සීමක් හුමාලය සම මත ගැටුනොත් ඇති වෙනවා.අද මම කියන්න හදන්නේ ඒ ඇයි කියල.යාළුවෝ දන්නවානේ හුමාලය (Steam) ඇති වෙන්නේ ජලය එහි තාපාංකයකට වඩා වැඩි උෂ්ණත්වයකට රත් කලාම කියල.(තාපාංකය කියන්නේ ද්‍රවයක් වාෂ්ප බවට පත් වීමට අවශ්‍ය උෂ්ණත්වය )
ජලය සාමාන්‍යයෙන් පවතින්නේ ද්‍රව (Liquid ) විදියටනේ.වාෂ්ප බවට පත් වුනාම සිදුවෙන්නේ ජ
ලය පවතින භෞතික අවස්ථාව වෙනස් වෙන එක. උෂ්ණත්ව විපර්යාසයක් සිදුවෙනවට වඩා වැඩි තාප ශක්ති ප්‍රමාණයක් අවස්ථා විපර්යාසයක් සිදුවෙන්න අවශ්‍ය වෙනවා.ද්‍රව අවස්ථාවේ ඇති ජලය ජල වාෂ්ප (තවත් විදියකින් කීවොත් හුමාලය) බවට පත් වෙනකොට වැඩි විශාල තාප ප්‍රමාණයක් අවශෝෂණය කර ගන්නවා.ඒ නිසා හුමාලයේ ගැබ්වෙලා තියෙන තාප ශක්ති ප්‍රමාණය නටන ජලයට වඩා බොහෝම වැඩියි. හුමාලය අපේ සම මත ගැටුනාම නැවතත් ද්‍රව අවස්ථාවට පත් වෙනවා.එතකොට හුමාලයේ අඩංගු වෙලා තිබුණු විශාල තාප ශක්ති ප්‍රමාණය අපේ සම මත නිදහස් කරනවා (මුදා හරිනවා).ඒ නිසා ඇති වෙන පිලිස්සීම වඩා ප්‍රබලයි.
ඔයාල දැනගත්තු දේ යාළුවන්ටත් කියන්න Share කරන්න යාළුවනේ...

0 Comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.