Wednesday, April 1, 2015

කොහා ගැන හරියටම දැනගන්න ‍..

කොහො කොහෝ කොහේ ඉදන් කොහෝ කියන වදෝ

 
                                     අද ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කොහා ගැන...මේ දවස්වල හරි හරියට ඇහෙන සද්දයක් තමා මේ කොහාගේ නාදය.මුලින්ම පුංචි කවියක් දාන්න හිතුවා.

කොවුලා කොහෝ හඩ නංවා                සුපුරුද්දේ
පවසයි සොදුරු බර සුලමුල                   අවුරුද්දේ
සැරසී සැවොම කරමින් නව                 හරවද්දේ
පෙරමුණ ගනිමු ඇති කර කාහල              සද්දේ


ලංකාවේ ජීවත් වෙන කොහා කුරුල්ලන් ‍ගේ පවුලේ වංශ 14 පමණ දක්නට ලැබෙනවා . ඉංග්‍රීසි භාෂාවෙන් Indian koel විදියට හැදින්වෙන මේ පක්ෂියාගේ විද්‍යාත්මක නාමය Eudynamys scolopacea වෙනවා.කොහා වසර පුරාම දැකිය හැකි පක්ෂියෙකු වුනත් අප්‍රේල් මාසයට විශේෂිත වෙනවා.ලංකාවේ කොවුල් විශේෂ 14 පමණ වාසය කරනවා.කොහා,කොන්ඩ කොහා,උකුසු කොහා ,කෝන කොහා, රට කොහා ,පුංචි කොහා ,වයිරම් කොහා ,හීන් කොහා, නීල කොහා ,කවුඩු කොහා ,වත නිල් කොහා ,වත රතු මල් කොහා ,පහන් ඇටි කුකුලා , බටු ඇටි කුකුලා , ගෙවතු ඇටි , කුකුලා කොහා පවුලේ එම විශේෂ 14  වෙනවා.

අවුරුදු කොහා

අවුරුදු කොහා නමින් හැදින්වෙන මෙම කුරුල්ලාගේ නාදය අවුරුදු සමග ලං වන විට අනිවාර්යෙන්ම අසන්නට ලැබෙනවා.මේ පක්ෂියා කොවුලා විදියටත් සමහරු හදුන්වනවා.


(පිරිමි) අවුරුදු කොහා



කොවුලාගේ පිරිමි පක්ෂියා තද නිල් පැහැයට හුරු කළු පාටින් යුක්තයි.උගේ දෑස් දිදුලන රතු පාටය.මිහිරි නාදය නගන්නේ පිරිමි පක්ෂියාය.කෙවිලිය හෙවත් කො‍හාගේ ගැහැණු සත්වයා දුඹුරු හා සුදු මිශ්‍රිත ගෝමර පැහැයෙන් යුක්තයි.වසරේ අප්‍රේල් - අගෝස්තු කාල වකවානුවේදී බොහෝ විට කාලයේ බෙහෙවින් අහන්න පුළුවන්.එක් සහකාරියකට කොවුලන් අතර තරගයක් පවතින අවස්ථා තිබෙන බව හෙලිවන්නේ කෙවිලියන්ගේ ගහණය අඩුවන නිසා.
 
අවුරුදු කොහා (ගැහැණු )
 

කොවුලන්ගේ විශේෂ චර්යාමය ලක්ෂණයක් වෙන්නේ තමන්ගේම කියල කැදැල්ලක් එහෙමත් නැතිනම් කූඩුවක් හදන්නේ නැති එක.අන්පක්ෂීන්ගේ කැදලි තුල බිත්තර දමා පැටවුන්ද පෝෂණය කරවා ගන්නා බැවින් කොවුලා පරපුටු කියන නමින්ද හැදින්වෙනවා.විශේෂයෙන්ම කපුටාගේ කූඩුවල බිත්තර ලෑම කොහාගේ සිරිත වෙනවා.කුඩා අවධියේදී කපුටු පැටවුන් හා කොහාගේ පැටවුන් එක සමාන බැවින් වෙන් කර හදුනා ගත නොහැකිව කපුටන් විසින්ම කොහො පැටවුන්ද පෝෂණය කරනවා..

වත රතු මල් කොහා

අලංකාර පක්ෂියෙකු වන රතු මල් කොහා තෙත් කලාපයේ ඉතා උස් ශාඛා සහිත වනාන්තර වල දැක ගත හැකිය.පලතුරු මෙන්ම කෘමීන් වර්ගද ආහාරයට ගන්නා මල් කොහා කුඩා රංචු වශයෙන් වාසය කරන්නට ප්‍රිය වෙනවා.ජනවාරි හා සැප්සැම්බර් මාස අතර කාලයේ තමන්ම සාදාගන්නා කූඩුවක බිත්තර දමයි.මුහුණේ රතු පැහැය නිසා වත රතු මල්කොහා යන නාමය මෙම පක්ෂියාට හිමිවී තිබෙනවා.උගේ උදර ප්‍රදේශය සුදු පැහැයක් ගන්නා අතර පෙදයේ අග පැහැයත් සුදු පැහැයෙන් යුක්තයි.
හිස් මුදුන අදුරු අළු පැහැයකින් යුතුවන අතර වයිරන් සලකුණ දක්නට ඇත. එමනිසා අලංකාර පක්ෂියෙකු විදියටත් හැදින්වෙනවා.
අප්‍රේල් මාසයේදී විශේෂ වෙන්නේ උස් කොහෝ කොහෝ හඩින් නාදය කරන නිසා
 
.

මේ අවුරුදු කාලේ නිතරම අහන්න ලැබෙන කොහා ගැන විස්තර දැන ගන්න යාළුවොත් කැමති ඇති යාළුවන්ටත් බලන්න ලිපිය ෂෙයාර් කරමු..
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

1 Comments:

  1. Thanks . We got this details for school works .

    ReplyDelete