පර්යේෂකයන් පිරිසක් වේගවත් මෙන්ම ආරක්ෂාකාරී නම්‍යශීලි බැටරියක් හදුන්වාදී තිබෙනවා අද ලිපිය ඒ වෙනුවෙන් වෙන්වෙනවා..මෙම බැටරියේ විශේෂත්වයන් ගණනාවක් දක්නට ලැබෙන අපූරුනිර්මාණයක්...ඇත්තෙන්ම මෙය නැමෙනසුළු ඇලුමිනියම් බැටරියක් .ඔවුන් පවසන අන්දමට එය වර්තමානයේ පවතින බැටරි වලට වඩා ලාබදායි වේගවත්ව ආරෝපණය කල හැකි මෙන්ම ආරක්ෂාකාරී බවින්ද ඉහල එකක් වෙනවා.
මෙය ඉතා අඩු මිනිත්තුවක් වැනි කාලකින් ආරෝපණය කිරීම කල හැකිය.එලෙසින්ම ලිතියම් අයන් බැටරියක් හා සැලකූ විට මෙය ආරක්ෂාකාරී බවින් මෙන්ම කල් පැවැත්ම අතින්ද ඉහලයි.
ඒ වගේම ආරෝපණය සදහා සැපයිය යුතු වන්නේද වෝල්ටීය තාවයෙන් අඩක් පමණයි.
කිසිසේත්ම ගිනිගැනීම වැනි දේට මෙය ලක් නොවන බවද පර්යේෂකයන් පවසනවා. සාමාන්‍යයෙන් ස්මාර්ට් ජංගම දුරකථන වැනි දේ සදහා යොදා ගත හැකි වෙතැයිද ඔවුන් පවසනවා..මන්ද ඒවායේ භාවිතා කරන ලිතියම් අයන් බැටරි ආරක්ෂාව අතින් අඩු සේම පරිසර දූෂණය අතින් ඉහලයි..එම නිසා ඒවා වෙනුවට මෙය ඉතා හොද ආදේශකයක්.
තවමත් මෙම නිෂ්පාදනය මුල් මට්ටමේ පැවතුනත් මෙය ඉතා ආකර්ෂණීය වෙතැයි විශ්වාස කරන්නට පුළුවන්.
සැහැල්ලු හා අඩු වියදම නිසා අවධානය යොමු වුනත් මෙවැනි නිර්මාණයක් කරන්නට මෙතෙක් පර්යේෂකයන් සමත්ව තිබුණේ නැහැ.්
මෙහිදී ධන ඉලෙක්ට්‍රෝඩය ලෙස ඇලුමිනියම් පත්‍ර සහ ඇනෝඩය ලෙස මිනිරන් වන කාබන්හි බහුරූපි ආකාරයක් ක්‍රියා කරනවා.එම ඉලෙක්ටෝඩ දෙකම මෙහිදී පැතලි ආකාරයට යොදාගෙන තිබෙනවා..මෙහිදී විද්‍යුත් විච්ඡේද්‍ය විදියට ක්‍රියා කරන්නේ දියර පිරි මල්ලක්.එහි විශේෂ ලුණු දියර වර්ගයක් අන්තර්ගත වෙනවා..මෙහිදී ධාරිතාවය අහිමි නොවී වේගවත්ව විද්‍යුතය නිපදවීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය මෙන්ම අඩු වෝල්ටීයතාවක් ආරෝපණය සදහා ප්‍රමාණවත් වන අයුරුත් පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා..
0 Comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.