Friday, April 10, 2015

මේ දවස්වල නැතිවම බැරි බුලත්

                                 අද ලියන්න හිතුවා බුලත් කොලය ගැන....බුලත් කියන්නේ අවුරුදු කාලෙට නැතිවම බැරි දෙයක් කියල හැමෝම දන්නවා මම හිතන්නේ..තව සිංහල සංස්කෘතිය පැත්තෙන් බැලුවත් බොහොම වැදගත් තැනක් මේ බුලත් කොලයට සමාජය තුල හිමිවෙලා තියෙනවා..බුලත් විට කන කට්ටිය දන්නවා ඇති ‍බුලත් කොලය ගන්නකොට නටුව පැත්තෙන් හා අනික් කෙලවරෙනුයි දෙපැත්තෙන් කඩල අයින් කරල තමා ගන්නේ...එහෙම කරන්නේ ඇයි දන්නවද ?

බුලත් කොලය අපට ලැබුණෙ නාග ලොකෙන් කියල තමා ජනප්‍රවාද වල තියෙන්නේ..ඉතින්
නාගලොකෙ ඉදන් බුලත් කොලය ගෙනැල්ලා තියෙන්නේ නා රජු විසින්..එතෙන්දි බුලත් කොලයේ අග සහ මුල කොටස් දෙක එකතු කරල එතැනින් කටේ තියා ගෙන තමා නා රජු බුලත් කොලය ගෙනැල්ලා තියෙන්නේ...ඉතින් බුලත් කොලයේ අග සහ මුල නාග විෂ තැවරිලා ඇති කියන විශ්වාසය නිසා තමා දෙපැත්ත කඩලා අයින් කරන්නේ..

මේකෙ විද්‍යාත්මක පදනමකුත් තියෙනවා.. ඒ කියන්නේ බුලත් කොලය ගත්තාම දෙකෙලවර විසබීජ දූවිලි ‍වගේ දේවල් රැදිලා තියෙනවා වැඩියිලු..ඒ නිසා එය ඉවත් කිරීම ඉතාම යහපත් කියල තමා විද්‍යාත්මකව බැලුවත් පෙන්න තියෙන්නේ...
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 Comments:

Post a Comment