Saturday, April 4, 2015

නොදන්නා ඉංග්‍රීසි වචන වල තේරුම පහසුවෙන් බලාගන්න මෙන්න ක්‍රමයක්

      මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි භාෂාව හදාරන යාළුවන්ට වැදගත් වෙන යමක්..අපි වෙබ් අඩවි වලට යද්දී නොදන්නා ඉංග්‍රීසි වචන බොහොමයක් තියෙනවා..ඔබ ඉංග්‍රීසි සදහා ආධුනිකයෙක් නම් එවිට ඔබ මහත් අපහසු තාවයට පත්වෙනවා. අද ලිපිය මගින් හදුන්වාදෙන මේ ක්‍රම දෙක මගින් සැරිසරන ඕනෑම වෙබ් පිටුවක් තුලදී හමුවන නොදන්නා ඉංග්‍රීසි වචනවල තේරුම් ලබා ගැනීමට යාළුවන්ට හැකි වේවි..ඇත්තෙන්ම කීවොත් මෙය ඩික්ෂණරියක්.මේක මේකෙන් සිදු කෙරෙන්නේ අප අපගේ වෙබ් බ්‍රවුසරය මගින් ගවේෂණය කරන වෙබ් පිටුවල අන්තර් ගත ඉංග්‍රීසි වචනවල තේරුම් ලබාදීම . මෙය වෙබ් බ්‍රවුසරයට සම්බන්ධ කරන්නේ Addons එකක් විදියට... ෆයර්ෆොක්ස් සහ ක්‍රෝම් සඳහා ඉංග්‍රීසි – සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය ඔයාල‍ට බාගත කර ගන්න පුළුවන්...

මේ සදහා සුදුසු ඇඩෝනයන් 2 ක් අප අද හදුන්වාදෙනවා..

1.LKTips ඇඩෝනය

මේ ඇඩෝනය ෆයර්ෆොක්ස් හා ක්‍රෝම් බ්‍රවුසර සදහා සහය දක්වනවා..මෙතැනින් පිවිස ඔබ එම ඇඩෝනය පහසුවෙන් ලබා ගැනීමට සහ වැඩි විස්තර දැන ගැනිමට හැකියි.

2.සුබස ඉගිය

සුබස ඉඟිය  ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) මෘදුකාංගය සඳහා
සම්බන්ධ කල හැකි ඇඩෝනය මෙතැනින් පිවිස ඔබ එම ඇඩෝනය පහසුවෙන් ලබා ගැනීමට සහ වැඩි විස්තර දැන ගැනිමට හැකියි.

මේ ඇඩෝනයන් සම්බන්ධ කල පසු අවශ්‍ය වෙන්නේ මුසිකයේ දර්ශකය " Mouse Pointer " අදාල නොදන්නා වචනය මතට ගෙන යෑම පමණයි...සියළු ‍තොරතුරැ ඉහත ලින්ක් ඔස්සේ ඔබට බලා ගන්නට පුළුවන්..
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 Comments:

Post a Comment