Monday, August 31, 2015

ඇස්බැස්ටස් ගැන හරියටම දැනගනිමු...

                      පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇස්බැස්ටස් සම්බන්ධව යමක් පැවසුවා ඔබට මතක ඇති... එනම් ඇස්බැස්ටස් 2018 වසරේ ආනයනය සහ නිෂ්පාදනය තහනම් කරන බව එතුමා පැවසුවා..මේක ‍පරිසර හා සෞඛ්‍ය සංවිධානවල බලවත් පැසසුමට ලක්වූ කරුණක් ඉදිරියේදී මොනොසෝඩියම් ග්ලුටමේට් ආහාර වලට යොදන රසකාරකයද තහනම් කරන ලෙස මේ වන විට එතුමාට ඉල්ලීම් ලැබෙනවා..අපිට ඉදිරියේදි බලන්නට පුළුවන් වේවි..මේ ගැන වැඩිදුරටත්..අද ලිපිය මගින් ඔබට කියන්නට බලාපොරොත්තු වෙන‍්නේ ඇස්බැස්ටස් ගැන...
  
ඇස්බැස්ටස් යනු මොනවාදැයි මුලින්ම බලමු...
 
මුලාශ්‍රය - https://nebula.wsimg.com
       ඇස්බැස්ටස් යනු සිලි‍ක්ට් අඩංගු ඛනිජ ලවණයකි . මේවා විවිධ වර්ණයන්ගෙන් යුක්ත වන අතර එය නිල් දුඹුරු හෝ සුදු පැහැති විය හැකිය . වර්ණ මිශ්‍රකිරීමෙන් තවත් වර්ණද දක්නට ලැබේ . මුලින්ම 1950 වසරේදී ගොඩනැගිලි ද්‍රව්‍යයක් වශයෙන් මෙම ඇස්බැස්ටස් ජනප්‍රිය විය .තවමත් පාසල් , පුස්තකාල ආරෝග්‍යශාලා , ආදී වාණිජගොඩනැගිලි සදහා භාවිතා කරයි .
 

       තවද සිවිලිම් සදහා පයිප්ප ආවරණ සදහා වාහන වල තිරිංග පද්ධති අළුත්වැඩියා කිරීම සදහා නැව් අලුත්වැඩියා කිරීම ආදී සෑම අංශයක් සදහාම භාවිතා කරන ලදී. මේවා වඩාත්ම භාවිතා වුයේ ආවරණ ලෙස සහ ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍යයක් වශයෙන්ය .
 
       ඇස්බැස්ටස් මෙසේ ජනප්‍රිය වුවද එහි අවදානම කිසිවෙකු දැන සිටියේ නැත.එක්සත් රාජධානියේ ඇස්බැස්ටස් ආශ්‍රිත රෝගවලින් සෑම වසරක් පාසාම දහස් ගණන් පුද්ගලයේ මිය ගිය අතර එම අවදානම දැන ගත් වහාම ඔවුන් එරට ඇස්බැස්ටස් තහනම් කලහ .
 
 
ඇස්බැස්ටස් හදුනා ගැනීම ..

  • සාමාන්‍යයෙන් වතුර ටැංකි හා වැසිකිලි ටැංකි සෑදීමට ඇස්බැස්ටස් යොදාගනී .
  • පයිප්ප ආවරණය කිරීම සදහා යෙදාගන්නා ඇස්බැස්ටස් උග්‍ර විෂ සහිතය.
  • බිත්ති හා පොලවේ ඇති සිදුරු ආවරණය කිරීමට ඇස්බැස්ටස් යොදාගනී .
  • වැසිකිලි ටැංකි සෑදීමට ඇස්බැස්ටස් යොදා ගනී.
  • බාහිර බිත්තිවල හා ජනේලය අවට ප්‍රදේශවල අමතර බදාම තට්ටුවක් ලෙසින් ඇස්බැස්ටස් යොදා ගනී .
  • විදුලි විලායක සාදා ඇති පැනලයේ ඇතුලත ආරක්ෂිත ආවරණයක් ලෙස ඇස්බැස්ටස් යොදාගනි .
  • උණුවතුර ගීසරය ව‍ටා ඇස්බැස්ටස් ආවරණය කර ඇත.
  • බිමට අතුරන ලද පිගන් ගඩොල් වල ඇස්බැස්ටස් අඩංගුය .
  • ඇස්බැස්ටස් කුඩු දියර සිවිලිමේ හා බිත්තිවල සිදුරු වැසීමට භාවිතා කරයි .
  • ඇස්බැස්ටස් වලින් සෑදු වැහි පිහිලි හා වතුර බට ද කලාතුරකින් දැකිය හැකිය .
 
ඇස්බැස්ටස් විෂ විය හැක්කේ කෙසේද ?

  • නිවාස / ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමේ දී හෝ කඩා දැමීමේදී
  • සිවිලිම් හා බිම අතුරා ඇති පිගන් ගඩොල් දිරාපත් වීමේදී
  • ඇස්බැස්ටස් පළුදු වී දිරාපත් වී ඇති විටදී
  • ජීවත් වන ගොඩනැගිල්ලේ / නිවසේ ඇස්බැස්ටස් වැරදි ලෙස භාවිතා කර ඇත්නම් ඔබ අවදානමට ලක්විය හැකිය .
 
ඇස්බැස්ටස් විෂ  ශරීරගත වීමෙන් විය හැකි හානි 
 
අවකාශයට මුදා හරින ලද ඇස්බැස්ටස් කුඩු හා දුවිලි අඝ්‍රාණය කිරීමෙන් සෞඛ්‍යයට මෙන්ම පරිසරයටද හානි සිදු  විය හැකිය.
ඇස්බැස්ටස් කුඩු අංශුවකින් මරණය වුවද ගෙනදිය හැකිය . ප්‍රධානවම මාරාන්තික රෝග 04 ක් හදුනාගත හැකිය .
01) Mesothelioma - මෙය පිලිකා වර්ගයකි
02) Asbestos - related lung cancer - පෙනහළු සහ ඉන්බාහිරව ඇති විය හැකි පිලිකා වර්ගයකි 
මුලාශ්‍රය - http://naturallythebest.com
03) Asbestosis - පෙනහළු ඇකිලීමට පටන් ගෙන ආශ්වාස ප්‍රශ්වාස කිරීම අපහසු විම
04) Pleural thickening - පෙනහළු (Pleura) පටකය ඝන වීම
 

මීට අමතරව
  • කැස්ස
  • කිවිසුම් යෑම
  • බර වැඩි වීම
  • ඇගපත අමාරුව                    
  • පපුවේ වේදනාව
  • රුධිරයේ ඔක්සිජන් අඩුවිම
  • ඇදුම ආදිය ඇති විය හැක.

 
      මෙම ඇස්බැස්ටස් කාරකයන් වර්ධනය වීම සදහා අවු 15 -60 ක් අතර කාලයක් ගත විය හැකිය . එබැවින් එය ක්ෂණිකව ඇති වේ යැයි කිව නොහැකිය . අනාගතයේදී එහි බලපෑම වැඩි විය හැකිය .
 
ඇස්බැස්ටස් විෂ වීම් වලින් වැලකෙන්නේ කෙසේද ?
 
  • ඇස්බැස්ටස් භාවිතා කරන සෑම මොහොතකම ආරක්ෂිත උපාංග පලදින්න.
  • දුර්වල ඇස්බැස්ටස් හමු වු විට ඒවා ඉවත් කිරීමට / අළුත්වැඩියා කිරීමට නොයන්න . වෘත්තිය උපදෙස් පිලිපදින්න .
  • ඇස්බැස්ටස් කුඩු දක්නට ලැබුණහොත් ගෘහස්ථමය වැකුම් යන්ත්‍රය භාවිතා නොකරන්න .
  • නිවසේ කසල බදුනට ඇස්බැස්ටස් නොදමන්න.
  • ඇස්බැස්ටස් අපද්‍රව්යෙඅ ප්‍රවාහනය කිරීමේදී ඒ සදහා සුදුසු භාජන භාවිතා කරන්න .
  • ඔබගේ නිවසේ ඇස්බැස්ටස් හදුනාගැනීම හා ඒවා පරිහරණය සදහා උපදෙස් ලබා ගැනීමට සම්බන්ධ කර ගත හැකි පුද්ගලයන්ගේ උපදෙස් හා මගපෙන්වීම් ලබා ගන්න .
 
‍         ඔබ නිවසේ ඇති ඇස්බැස්ටස් පිලිබදව ඔබ දැනුවත් වුව‍හොත් ඔබ හා ඔබගේ පවුලේ අය ආරක්ෂා කර ගත හැකිය . මේ පිලිබදව වැදගත් කරුණු හා දත්තයන් හදුනා ගැනීමට වැය කරන මිනිත්තු 5 ක කාලයද ඉතාම වැදගත් විය හැක . අවදියෙන් සිටින්න ආරක්ෂා වන්න .
 
 
 
 
 
 
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 Comments:

Post a Comment